Posts

කර ගැට

Image
මලේ කර ගැට ගණින්නේ නුඹ පැලේ කරවල වාඩියේ රෑට නින්දෙන් සිනා වෙන්නේ අම්ම දැකල ද හීනයේ කහට උගුරයි හකුරු බෑයයි ගිනි නිවනවා ද ඔය කුසේ ජීවිතේ රළ පෙළට අසු වී කවුළු වැසීනි ද පාසලේ මුහුදු හුළඟට සැලෙන්නේ රැලි කරපු පවටද පූරුවේ සිනා ගේනා පොකුරු මින් රැල මවනවා ද දෙව්ලොව හිතේ පිලී පුසුඹට මැස්සෝ එනවා ද වහන්නට නුඹේ ජීවිතේ හදේ වියවුල් තුනී වෙනවා ද පොල් මලේ සුවඳට මීවිතේ Gayan Rasanga@The Voice



මරණය සිරසේ හනගසා
ඉපදෙන සියල්ලන්
ඔහෑ ඔහෑ හඬන්නේ
ජීවිතයේ අරුත දුක මැයි
මවගේ තන පුඩුවේ ගැටුණු කල්හි
හඬන මුව
නගන කිරි සිනා
කුමක් කියන්නේ ද
බලනු ලයට අත තබා
ලබ් ඩබ් ලබ් ඩබ්
නදින් ගැහෙන්නේ මනුසත් කම නොවේ ද
හද පවසන්නේ
කුහක ඉනි වැට පරයා
මනුසත් ගඟ ගලන බව නොවේ ද
ඒ ගලන මනුසත් කමින්
ලොවක් අස්වද්දන්නට
දයාවෙ රන් ගොයම්
පූදින්නට.....
පියනගමු
එකාවන්ව !

Gayan Rasanga @The Voice
හිතවත් මෛත්‍රී.., ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.
දින 100යේ වැඩ සටහන එක දිනක් වත් වෙනස් නො කර ක්‍රියාත්මක කරන්න.පොරොන්දු වූ ජනතා සහන 99%ක්වත් ප්‍රමාද නො කර ලබා දෙන්න.ජාතික රජයේ අමාත්‍ය ධුර මහජන විශ්වාසය තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට පමණක් ලබා දෙන්න.ඥාති සංග්‍රහය සම්පූර්ණයෙන් පිටු දකින්න. රාජ්‍ය පාලනයට සහෝදරයින්ගේ සහාය අවශ්‍ය ම නැත.නාස්තිකාර වියදම් සියල්ල නවතා දමන්න. මහජන නියෝජිතයින්ගේ නාස්තිකාර වියදම් දැඩිව පාලනය කරන්න.චූදිත දූෂිත ගනුදෙනු පිළිබඳ වහා ක්‍රියාත්මක වෙන්න. චූදිතයින්ට එරෙහිව විනිවිද භාවයකින් යුතු ව නීතිය ක්‍රියාත්මක කරන්න.පුද්ගලික මට්ටමේ පලි ගැනීම්වලට ඉඩක් නො දිය යුතු ය.මානව හිමිකම් සුරකින්න. ඔබව පත් කළ ජනතාවට සවන් දෙන්න.ජනමාධ්‍ය ඔබගේ පාවිච්චියට යොදා නො ගන්න. ජනමාධ්‍ය ජනතාවගේ හඬ උදෙසා ය.මාතෘ භූමිය පණ සේ සුරකින්න.මේ ඔබ විසින් ජනතාවට ලබා දුන් ප්‍රතිඥා ය. මේවා ඉටු කිරීමට අසමත් වන්නේ නම් ඔබව රාජ්‍ය නායක තනතුරෙන් ප්‍රජාතන්ත්‍රවාදී ව එළවා දමා වඩා ජනතාවාදී පාලකයෙක් සොයා ගැනීමට ජනතාව වෙත මග පෙන්වමු.ඒ සඳහා අපට ශක්තිය හා ධෛර්‍ය අවශ්‍ය ප්‍රමාණයටත් වඩා තිබේ.

නවීන ජනමාධ්‍ය

සාම්ප්‍රදායික මාධ්‍ය සහ දේශපාලන, ප්‍රභු සහ සිවිල් චරිත අබිබවමින් බුකිය මගින් නිර්මාණය කරන "ජාලවේදීන්" ඉදිරියේ දී සියල්ලට ම වඩා සමාජ මත සම්ප්‍රේෂණය කරන්නන් වෙනවා.ස්වේච්ඡාවෙන් සමාජ මෙහෙවරක් කරන්න පුළුවන් සයිබර් අවකාශයක් තුල "ජාලවේදීන්" නැතහොත් "සයිබර්වේදීන්" වන්නට ඔබ සැමට නිසඟ හැකියා වන් ඇතයි අපි විශ්වාස කරනවා. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තුල ඇති බලය අනෙකාට පවරා උන්ට බියවීමත් උන් සමග ජනතාවත් පිස්සු කෙලීම නතර නො කළොත් කිසිම සමාජයකට ඉදිරියට යන්න බෑ.හැකි තරම් , ලියන්න , කියවන්න , සාධාරණත්වය හමුවේ පෙනී සිටින්න, (නාමික ව හෝ නිර්නාමික ව) පැරණි දේ අතහරින්න. එයින් ඉගෙන ගන්න. අලුත් දේ සොයා යන්න. මිනිසාගේ සකලවිධ නිදහස අගයන්න. එයට සහය දෙන්න. එය ලෝකයේ හෙට දවස වෙනස් කර සාධාරණත්වය ජයග්‍රහණය කරන්න පිටිවහලක් වෙනවා ඒකාන්තයි.අපි අපේ සමාජය, සංවර්ධනාත්මක ව ඔසවමු.
Suneth Abe Abedheera@The Voice

දුවේ උඹ කොහෙද? හොඳින්ද ???

||||| ඇය අසරණ දැරියකි |||| ඇය අකුරැස්සේය... ඇගේ වයස යාන්තම් අවුරු දහහතරකි.... පියා රණවිරුවෙකි..... මේ මහා කාලකන්නි අපරාධය සිදුවන්නේ 2012 මැයි මසදීය, අපරාධය කලේ සහෝදරියන් අඩ දුසිමක් ඇති .... රජයේ ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකි..... ඒද තනිවම නොව.... තවත් පාහරයන් තිදෙනෙකු සමග එක්වය.... ඇය සිටියේ පාසල් ගොස් එමින්ය.... ඔවුන් ඇය බලෙන් පැහැරගෙන ගොස්.... වරක් නොව දෙවරක් නොව කීපවරක්ම නරුමයන් රැලක් සමග වරින් වර මුළු දවසක්ම... ඈ කුමක් කරන්නද?.... නීතිය සෙව්වේය..... නීතිය නැත.... යුක්තිය වෙනුවට මරණ තර්ජනය.... ගෙදරටම ඇවිත් අඩන්තෙට්ටම්ය.... දුෂකයන් එලියේය...... නිර්භයා විනාශ කල වුන් පොරකේය ..... ලංකාවේ නිර්භයා නැවත නැවතත් අතවරයට ලක්වෙමින්ය.... නිර්භයාට යුක්තිය ඉල්ලා මුළු රටම වීදියේය.... සුනිල්ව බේරාදෙන්න යයි කියමින් ඔහුගේ කුලීකරුවන් පාරේය.... පෑගෙන, මිරිකෙන මිනිසුන් අද නින්දේය, ගෑනුන් ළමුන් 5ක් වත් දිනකට දුෂණය වන රටේ සියල්ලෝම නින්දේය.... නීතිය මියගොස්ය..... මිනිසුන් ගොළුය, නොමිනිසුන් කෑ මොර දෙමින්ය.... අවසන්ද? "නැත" පාරේදී අපහාසය..... නින්දාය.... පාසලේදී නින්දාය.... පාසලෙන් අස්වෙන්නට බලකිරීම්ය.... ගම හැරයන්නට බලකිරීම්

මහින්දට ඡන්දය නො දිය යුත්තේ ඇයි..???

දිගටම මහින්දට ඡන්දය නො දිය යුත්තේ ඇයි කියන එක කතා කරලා වැඩක් නෑ. දැනටත් බොහෝ දුරට හැදෙන ඡන්ද හැදිලා, කැඩෙන ඡන්ද කැඩිලා ඉවරයි. නමුත් මහින්දට තාමත් සහය දෙන පිරිස ගේ අවධානයට පහත කරුණු ලක් කරන් නම්.ලංකාවේ මහා පරිමාණ ව්‍යාපෘති ඉදන් ගමේ පාරට කාපට් දාන එක දක්වා අද සිද්ධ වෙන්නෙ විධිමත් ටෙන්ඩර් පටිපාටියකට නෙමී. චීන සමාගම්වල හිතුමතයේ ඒවා ලබා දීලා. මේ නිසා ඇතැම් අවස්ථාවල රුපියල් 10,000ට දාන්න පුළුවන් කොන්ක්‍රීට් මීටර් කියුබ් එක චීන සමාගම් දාන්නෙ 44,000 පමණ මුදලකට ඉතිරි 34,000 වෙන්නෙ මොකක්ද කියලා හිතා ගන්න එක ඔබට බාරයි. මේක මගේ පෞද්ගලික අත්දැකීමක්. සාමාන්‍යයෙන් මං තීරු දෙකකට පාරක් කිලෝමීටර් එකක් කාපට් කරන්න රුපියල් මිලියන 300ක් පමණ වැය වෙනවා. නමුත් පසුගිය කාලේ හදපු හා හදන්න ඉන්න අධිවේගී මාර්ග හා ඇතැම් සාමාන්‍ය මාර්ගවල වියදම හා ඇස්තමේන්තු මේ වගේ විසි තිස් ගුණයක් ඇතැම් අවස්ථාවල, එහෙම වෙන්නෙ ඇයි? මේ විනාශ වෙන්නෙ ඔබ අපි මහන්සියෙන් උපයන මුදලින් ගෙවන බදු මුදල් බව තාමත් මහින්දට කඩේ යන අතලොස්ස මතක් කර ගත්තොත් හොඳයි.
අද රටේ නීතියේ ආධිපත්‍ය ගිලිහිලා, නීතිය වල් වැදිලා, පිස්සු නටන ඇමතිලා, ඇමති පුතාලා, සභාපතිල…

ආශ්චර්ය සහ ශ්‍රී ලාංකික ජනතාව

සංවේදීනායකයාගේ අනුගාමික ප්‍රජාවට බුකියේදී විලි ලැජ්ජාව, සදාචාරය මුලික තර්කන හැකියාවත් අහිමි වීමක් සිදු ඇති බවක් පෙනෙන්නේ නැද්ද? සන්ධාන රජයට සහය පල කරන ප්‍රධාන කණ්ඩායම් කිහිපයක් පැහැදිලිව හඳුනා ගත හැක.ඉතා ම අඩු ආදායම් ලබන, කරුමය සියල්ලට ම හේතු භූත වන බව සිතා ගෙන උපන් ගෙයි ම කාලකන්නි වන, කියවීමකින් තොර ජන පිරිස.පහළ ආදායම් ලබන, කඩේ පිලේ රස්තියාදු ගසන, ගමෙන් එහා ලෝකයක් නැතැයි සිතන,දැඩි ලෙස රටට ගමට කෑදර, කුහක පිරිස.පහළ මධ්‍යම පාන්තික, උසස් මධ්‍යම පංතියට ඇතුළු වීමට කෙසේ හෝ දේශපාලනයෙන් බඩ වඩා ගෙන,වාසි ලබාගෙන, දරුවන්ට රැකියා ලබාගෙන හෝ වෙන යම් වාසියක් ලබාගෙන රටට හෙන ගැහුනත් තමා දියුණු විය යුතුයි සිතන පිරිස.ඉහල මධ්‍යම පාන්තික, කෙසේ හෝ ධනවත් පන්තියට ඇතුළු වීමට වෙර දරන, ඒ වෙනුවෙන් දුරාචාරයේ යෙදෙන, පණික්කි වැඩ කරන පිරිස.ධනවත්, කළු සල්ලි මෙහෙයවන, රජයේ ව්‍යාපෘති වලින් අයුතු මුදල් සොයන, නීති විරෝධී ව්‍යාපාර කටයුතු කරන විට එයට ආරක්ෂාව ලැබීමට දේශපාලනයේ ආරක්ෂාව පතන පිරිස.මේ සියල්ලන්ට ම අමතරව තවත් කොටසක් සිටෝ. ඔවුන් නම්,පොතක් පත්තරයක් නො කියවන, දේශපාලන පක්ෂය යනු අප්පාගේ බූදලයක් ලෙස සලකා මැරෙන තෙක් ඒ මත්ත…