Posts

Showing posts from 2014

නවීන ජනමාධ්‍ය

සාම්ප්‍රදායික මාධ්‍ය සහ දේශපාලන, ප්‍රභු සහ සිවිල් චරිත අබිබවමින් බුකිය මගින් නිර්මාණය කරන "ජාලවේදීන්" ඉදිරියේ දී සියල්ලට ම වඩා සමාජ මත සම්ප්‍රේෂණය කරන්නන් වෙනවා.ස්වේච්ඡාවෙන් සමාජ මෙහෙවරක් කරන්න පුළුවන් සයිබර් අවකාශයක් තුල "ජාලවේදීන්" නැතහොත් "සයිබර්වේදීන්" වන්නට ඔබ සැමට නිසඟ හැකියා වන් ඇතයි අපි විශ්වාස කරනවා. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තුල ඇති බලය අනෙකාට පවරා උන්ට බියවීමත් උන් සමග ජනතාවත් පිස්සු කෙලීම නතර නො කළොත් කිසිම සමාජයකට ඉදිරියට යන්න බෑ.හැකි තරම් , ලියන්න , කියවන්න , සාධාරණත්වය හමුවේ පෙනී සිටින්න, (නාමික ව හෝ නිර්නාමික ව) පැරණි දේ අතහරින්න. එයින් ඉගෙන ගන්න. අලුත් දේ සොයා යන්න. මිනිසාගේ සකලවිධ නිදහස අගයන්න. එයට සහය දෙන්න. එය ලෝකයේ හෙට දවස වෙනස් කර සාධාරණත්වය ජයග්‍රහණය කරන්න පිටිවහලක් වෙනවා ඒකාන්තයි.අපි අපේ සමාජය, සංවර්ධනාත්මක ව ඔසවමු.
Suneth Abe Abedheera@The Voice

දුවේ උඹ කොහෙද? හොඳින්ද ???

||||| ඇය අසරණ දැරියකි |||| ඇය අකුරැස්සේය... ඇගේ වයස යාන්තම් අවුරු දහහතරකි.... පියා රණවිරුවෙකි..... මේ මහා කාලකන්නි අපරාධය සිදුවන්නේ 2012 මැයි මසදීය, අපරාධය කලේ සහෝදරියන් අඩ දුසිමක් ඇති .... රජයේ ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකි..... ඒද තනිවම නොව.... තවත් පාහරයන් තිදෙනෙකු සමග එක්වය.... ඇය සිටියේ පාසල් ගොස් එමින්ය.... ඔවුන් ඇය බලෙන් පැහැරගෙන ගොස්.... වරක් නොව දෙවරක් නොව කීපවරක්ම නරුමයන් රැලක් සමග වරින් වර මුළු දවසක්ම... ඈ කුමක් කරන්නද?.... නීතිය සෙව්වේය..... නීතිය නැත.... යුක්තිය වෙනුවට මරණ තර්ජනය.... ගෙදරටම ඇවිත් අඩන්තෙට්ටම්ය.... දුෂකයන් එලියේය...... නිර්භයා විනාශ කල වුන් පොරකේය ..... ලංකාවේ නිර්භයා නැවත නැවතත් අතවරයට ලක්වෙමින්ය.... නිර්භයාට යුක්තිය ඉල්ලා මුළු රටම වීදියේය.... සුනිල්ව බේරාදෙන්න යයි කියමින් ඔහුගේ කුලීකරුවන් පාරේය.... පෑගෙන, මිරිකෙන මිනිසුන් අද නින්දේය, ගෑනුන් ළමුන් 5ක් වත් දිනකට දුෂණය වන රටේ සියල්ලෝම නින්දේය.... නීතිය මියගොස්ය..... මිනිසුන් ගොළුය, නොමිනිසුන් කෑ මොර දෙමින්ය.... අවසන්ද? "නැත" පාරේදී අපහාසය..... නින්දාය.... පාසලේදී නින්දාය.... පාසලෙන් අස්වෙන්නට බලකිරීම්ය.... ගම හැරයන්නට බලකිරීම්

මහින්දට ඡන්දය නො දිය යුත්තේ ඇයි..???

දිගටම මහින්දට ඡන්දය නො දිය යුත්තේ ඇයි කියන එක කතා කරලා වැඩක් නෑ. දැනටත් බොහෝ දුරට හැදෙන ඡන්ද හැදිලා, කැඩෙන ඡන්ද කැඩිලා ඉවරයි. නමුත් මහින්දට තාමත් සහය දෙන පිරිස ගේ අවධානයට පහත කරුණු ලක් කරන් නම්.ලංකාවේ මහා පරිමාණ ව්‍යාපෘති ඉදන් ගමේ පාරට කාපට් දාන එක දක්වා අද සිද්ධ වෙන්නෙ විධිමත් ටෙන්ඩර් පටිපාටියකට නෙමී. චීන සමාගම්වල හිතුමතයේ ඒවා ලබා දීලා. මේ නිසා ඇතැම් අවස්ථාවල රුපියල් 10,000ට දාන්න පුළුවන් කොන්ක්‍රීට් මීටර් කියුබ් එක චීන සමාගම් දාන්නෙ 44,000 පමණ මුදලකට ඉතිරි 34,000 වෙන්නෙ මොකක්ද කියලා හිතා ගන්න එක ඔබට බාරයි. මේක මගේ පෞද්ගලික අත්දැකීමක්. සාමාන්‍යයෙන් මං තීරු දෙකකට පාරක් කිලෝමීටර් එකක් කාපට් කරන්න රුපියල් මිලියන 300ක් පමණ වැය වෙනවා. නමුත් පසුගිය කාලේ හදපු හා හදන්න ඉන්න අධිවේගී මාර්ග හා ඇතැම් සාමාන්‍ය මාර්ගවල වියදම හා ඇස්තමේන්තු මේ වගේ විසි තිස් ගුණයක් ඇතැම් අවස්ථාවල, එහෙම වෙන්නෙ ඇයි? මේ විනාශ වෙන්නෙ ඔබ අපි මහන්සියෙන් උපයන මුදලින් ගෙවන බදු මුදල් බව තාමත් මහින්දට කඩේ යන අතලොස්ස මතක් කර ගත්තොත් හොඳයි.
අද රටේ නීතියේ ආධිපත්‍ය ගිලිහිලා, නීතිය වල් වැදිලා, පිස්සු නටන ඇමතිලා, ඇමති පුතාලා, සභාපතිල…

ආශ්චර්ය සහ ශ්‍රී ලාංකික ජනතාව

සංවේදීනායකයාගේ අනුගාමික ප්‍රජාවට බුකියේදී විලි ලැජ්ජාව, සදාචාරය මුලික තර්කන හැකියාවත් අහිමි වීමක් සිදු ඇති බවක් පෙනෙන්නේ නැද්ද? සන්ධාන රජයට සහය පල කරන ප්‍රධාන කණ්ඩායම් කිහිපයක් පැහැදිලිව හඳුනා ගත හැක.ඉතා ම අඩු ආදායම් ලබන, කරුමය සියල්ලට ම හේතු භූත වන බව සිතා ගෙන උපන් ගෙයි ම කාලකන්නි වන, කියවීමකින් තොර ජන පිරිස.පහළ ආදායම් ලබන, කඩේ පිලේ රස්තියාදු ගසන, ගමෙන් එහා ලෝකයක් නැතැයි සිතන,දැඩි ලෙස රටට ගමට කෑදර, කුහක පිරිස.පහළ මධ්‍යම පාන්තික, උසස් මධ්‍යම පංතියට ඇතුළු වීමට කෙසේ හෝ දේශපාලනයෙන් බඩ වඩා ගෙන,වාසි ලබාගෙන, දරුවන්ට රැකියා ලබාගෙන හෝ වෙන යම් වාසියක් ලබාගෙන රටට හෙන ගැහුනත් තමා දියුණු විය යුතුයි සිතන පිරිස.ඉහල මධ්‍යම පාන්තික, කෙසේ හෝ ධනවත් පන්තියට ඇතුළු වීමට වෙර දරන, ඒ වෙනුවෙන් දුරාචාරයේ යෙදෙන, පණික්කි වැඩ කරන පිරිස.ධනවත්, කළු සල්ලි මෙහෙයවන, රජයේ ව්‍යාපෘති වලින් අයුතු මුදල් සොයන, නීති විරෝධී ව්‍යාපාර කටයුතු කරන විට එයට ආරක්ෂාව ලැබීමට දේශපාලනයේ ආරක්ෂාව පතන පිරිස.මේ සියල්ලන්ට ම අමතරව තවත් කොටසක් සිටෝ. ඔවුන් නම්,පොතක් පත්තරයක් නො කියවන, දේශපාලන පක්ෂය යනු අප්පාගේ බූදලයක් ලෙස සලකා මැරෙන තෙක් ඒ මත්ත…

සහෝදරයෝ

මෛත්‍රීපාල සිරිසේනට සහෝදරයින් දොළොස් දෙනෙක් සිටින එකට වගකියන්න ඕන ඔහුගේ දෙමව්පියන් ය.
මහින්ද රාජපක්ෂගේ සහෝදරයින් මුලු රට ම ගිල ගැනීමට වගකියන්න ඕන මහින්ද රාජපක්ෂ ම ය.

Niluka Jayasuriya@The Voice

තක්කඩි ජනතාව

යුගයේ දරුණුතම ඛේදවාචකය නම් "හොරකම් එදාත් වුනා... අදත් වෙනවා.." කියමින් හොරු සාධාරණීකරණය කරන තක්කඩි ජනතාවක් බිහි වී තිබීමයි. එදා මිලියන ගණනින් සිදු වූ හොරකම් අද සිදුවන්නේ ට්‍රිලියන ගණනිනි. එදා වරදක් සිදුවූ නිසාම ඉදිරියටත් එම වරද සිදුවිය යුතු නොවේ.ලෝකයේ සියළු මිනිසුන් මෙලෙස කල්පනා කළා නම් වහල් යුගය අදටත් පවතිනු ඇත.


Thirasara Dayathma@The Voice 

දූෂණ හා අක්‍රමිතා විරෝධී ජනතා රැල්ලක්

මහා පරිමාණයෙන් සිදුවෙන දූෂණ හා අක්‍රමිතා විරෝධී ජනතා රැල්ලක් මෙරට ඇති වෙමින් පවතින්නේ ද? ඔව්..!!!
මුහුණු පොතේ සමූහ 4ක පළ කළ සමාන විමසුම් සඳහා ලැබුනු ප්‍රථිඵල විශ්ලේෂණය කිරීමේ දී බුකිය පරිශීලනය කිරීමට හැකි සාක්ෂරතාවක් හිමි ජනතා ස්ථරය තුල දූෂණ සහ අක්‍රමිතා විරෝධී රැල්ලක් ඇති වෙමින් පවතින බව පැහැදිලිවම නිරීක්ෂණය කළ හැක.

සමූහ 4
1. The Voice - breaking the silence 
2. Ballot Box (ඔබේ මතයට ඉඩක්)
3. තුලාව (Justice) 
4. Polls - ඡන්ද විමසීම්

----------------------------------------------------------------------------------------------
විමසීම නැවත මෙහි සඳහන් කරන්නම්...
1. වර්ථමාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු අතරින්
2. ජනතාවාදී දේශපාලනයක නියුතු වූ,
3. මහත්වරුන්ගේ දේශපාලනයක් කළ,
4. ඊ ලඟ පාර්ලි. මැතිවරණයට ඉදිරිපත්විය යුතු යැයි ඔබ සිතන,
5. ඊ ලඟ පාර්ලිමේන්තුවේ අනිවාර්යයෙන් සිටිය යුතු යැයි ඔබ සිතන,
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුවක් හදමු.
දේශපාලනයේ දක්ෂයෙක් නමුත් දූෂීත නම් හා
දූෂීතයෙකු නොවුනත් අදක්ෂයෙකුනම් නම දැමීමෙන් වලකින්න.
---------------------------------------------------------------------…

අප යුද්ධය දිනුවෙමු !

අපේ පවුලේ එකෙක් කොටුවේදි බැටන් පොලු පාර කන තුරු,වැලිවේරියේදි අපේම සහෝදරයෙක් වෙඩි කා මිය යන තුරු,අපේම ඉඩකඩම් බලහත්කාරයෙන් පැහැරගෙන මහ පාරට දමන තුරු,අවසානයේ ලෝකයේ ඉදිරියේ අපි සියල්ලන් අන්ත හිඟන්නන් වනතුරු අප මහින්දට ඡන්දය දිය යුතුය...ඒ මතුද නොව කාපට් ගැන බිල්ඩින් ගැන උදම් ඇනිය යුතුය,,,,,..මන්ද අප යුද්ධය දිනා ඇති බැවිනි.. !
Janith Wimukthike@The Voice

ජනාධිපතිතුමා තිරුපති කෝවිලට ගියේ රනිල් දුන්නු ලණුවක් කාලා!

රනිල් වික්‍රමසිංහ මහත්තයගේ ආණ්ඩුව චන්ද්‍රිකා මැතිණිය තම ජනාධිපති බලතල පාවිච්චි කරලා පෙරලපු වෙලාවේ ඔහුගේ ළඟම හිතවත් පාක්ෂිකයෙක් ලං වෙලා පොඩි රහසක් කිව්වා. " සර් මීට පස්සේ තරග කරන්න කලින් තිරුපති කෝවිලට ගිහින් පූජාවක් කරලා තමන්ගේ ප්‍රාර්ථනාව කරන්න. ඒක හරියට ම හරි යනවා. එතන හරි අනුහස් තියෙන තැනක්. " ඉතින් ඊට පස්සේ හැම ඡන්දෙටම කලින් රනිල් තිරුපති කෝවිලට ගිහින් ඔය පූජාව කරලා එනවා. ඒත් ඒ හැම සැරේම පරදිනවා. මේ ළඟදී පාර්ලිමේන්තුවේ දී මහින්දට හදිසියේ රනිල්ව තනියම මුණ ගැහෙනවා. මහින්දට හිතෙනවා රනිල්ව පොඩ්ඩක් කොනිත්තලා බලන්න විහිළුවක් කරලා. ඒ එතුමා ගේ හැටි." රනිල් ඔයා හැම ඡන්දෙටම කලින් තිරුපති කෝවිලට ගිහින් බාර වෙනවා. ඒත් හැමදාම පරාදයි නේ. මොකෝ දෙවියෝ ඔයා දිහා බලන්නේ නැද්ද?" ඒ පාර රනිල් මහින්දට හොඳටම ලං වෙලා රහසින් මෙහෙම කියනවා,"මම කාටත් නොකියපු රහසක් ඔබතුමාට කියන්නම්. හැබැයි වෙන කාටවත් කියන්නේ නැහැ කියලා පොරොන්දු වෙනවා නම් විතරක්" දැන් මහින්දට රහස දැන ගන්න ඉස්පාසුවක් නැහැ "මම මොකටද කාටවත් කියන්නේ. මම පොරොන්දු වෙනවා ඉක්මණට කියපන් වෙන කවුරුත් එන්න කලින්" ඒ ප…

සැසඳීමක් කරන්න. තොරතුරු මෙහි සඳහන් කරන්නම්.

1. 2014 දී විවෘත කරන ලද මුම්බායි නාශික් අධිවේගී මාර්ගය
වියදම ඇමෙරිකන් ඩොලර් මිලියන 650කි.
එනම් ලංකා රුපියල් 650x 130= මිලියන් 84, 500. එනම් රුපියල් කෝටි 8450යි.
එම මාර්ගය මංතීරු 6කි. දිග කිමී 150කි.
කිලෝ මීටරයක වියදම රුපියල් කෝටි 56.333 යි.2. ලංකාවේ දක්ෂිණ අදිවේගී මාර්ගය
විවෘත කරන ලද්දේ කරන ලද්දේ 2011 දීය.
වියදම ඇමෙරිකන් ඩොලර් මිලියන 741.1
එනම් ලංකා රුපියල් මිලියන 741.1x 130 = 96,340 එනම් රු. කෝටි 9634
මංතීරු 4යි. දිග කිමී 130යි.
කිලෝ මීටරයක වියදම රුපියල් කෝටි 74.107යි.
සැසඳීම
ඉන්දියාවේදී 2014 දී අවසන් කළ මංතීරු 6ක කිමී 1ක් රු. කෝටි 56.3 යි
> ලංකාවේදී 2011 දී අවසන් කළ මංතීරු 4ක කිමී 1ක් රු. කෝටි 74.1 යි

3. කෙන්යාවේ Nairobi-Thika දක්වා අධීවේගී මාර්ගය
වියදම ඇමෙරිකන් ඩොලර් මිලියන 360
එනම් ලංකා රු මිලියන 360X130 = 46, 800 එනම් රු. කෝටි 4680යි.
මංතීරු 8යි දිග කිමී 50යි.
කිලෝ මීටරයක වියදම රුපියල් කෝටි 93.6යි.
4. කටුනායක අධිවේගී මාර්ගය
වියදම ඇමෙරිකන් ඩොලර් මිලියන 292
එනම් ලංකා රු මිලියන 292X130 = 37,960 එනම් රු. කෝටි 3796යි.
මංතීරු 4යි දිග කිමී 26යි.
කිලෝ මීටරයක වියදම රුපියල් කෝටි 146යි.
සැසඳීම
කෙන්යාවේ දී මංත…

෴ නිහඬ බව බිඳින්න ෴

Image
෴ නිහඬ බව බිඳින්න ෴
යහපත් මිනිසුන්ගේ නිහඬ බව, යුගයේ බරපතලම ඛේදවාචකයයි...

⋆ දැක්ම සහ අරමුණු - 
සිතීමේ නිදහස මෙන් ම භාෂණයේ නිදහස සහ අදහස් දැක්වීමේ නිදහස මූලික මානව අයිතිවාසිකමක් ලෙස දියුණු සමාජය පිළිගන්නා බැවින්.. 
දේශපාලනික පාක්ෂිකත්වය හෝ ප්‍රාග්ධන හිමියන්ගේ කැමැත්ත මත තීරණය වෙන ගැති මාධ්‍ය භාවිතාව පිටු දැක, 
නිදහස් චින්තනයකින් යුතු ව ලෝකය දකිමින් වඩාත් විචක්ෂණශීලී ව ලේඛනයේ යෙදිය හැකි නව පරපුරක් බිහිකිරීම සඳහා ලේඛකයා නිදහස් චින්තනය සඳහා ධෛර්‍යමත් කරමින්,
නැවත නැවතත් විචක්ෂණශීලී ව ප්‍රශ්න කළ හැකි සහ තර්කානුකූලව සිතිය හැකි පාඨක සමාජයක් බිහිකිරීම මූලික අරමුණු ලෙස ගනිමින් ශ්‍රී ලාංකික ජනතා ගමන් මග තීරණය කරන්නා වූ පෙර ගමන්කරුවන් වීමේ ඉලක්කය සහිතව මේ නිදහස් අවකාශය ඔබ වෙත පිරිනැමේ.

⋆ නිර්මාණ
ස්වනිර්මාණ සඳහා මූලිකත්වය ලබා දේ.
සියලු විෂයන් ආවරණය වෙන පරිදි ගද්‍ය හා පද්‍ය නිර්මාණ පළ කළ හැක.
පළ කිරීම් සඳහා අනුමැතිය අවශ්‍ය වේ.
හොඳම නිර්මාණ සමාන්තරව පවත්වාගෙන යනු ලබන බ්ලොග් පිටුවේත් FB පිටුවේත් පළ කරනු ඇත.
සමූහයේ ප්‍රතිපත්තිවලට අනුකූල වූ සියලු ස්වනිර්මාණ මෙහි පළ කරනු ඇත.
වෙනත් ස්ථානවල පළ වූ දෑ තම මතය සනාථ කිරීමේ…