෴ නිහඬ බව බිඳින්න ෴

         
                 
෴ නිහඬ බව බිඳින්න ෴
යහපත් මිනිසුන්ගේ නිහඬ බව, යුගයේ බරපතලම ඛේදවාචකයයි...

⋆ දැක්ම සහ අරමුණු - 
සිතීමේ නිදහස මෙන් ම භාෂණයේ නිදහස සහ අදහස් දැක්වීමේ නිදහස මූලික මානව අයිතිවාසිකමක් ලෙස දියුණු සමාජය පිළිගන්නා බැවින්.. 
දේශපාලනික පාක්ෂිකත්වය හෝ ප්‍රාග්ධන හිමියන්ගේ කැමැත්ත මත තීරණය වෙන ගැති මාධ්‍ය භාවිතාව පිටු දැක, 
නිදහස් චින්තනයකින් යුතු ව ලෝකය දකිමින් වඩාත් විචක්ෂණශීලී ව ලේඛනයේ යෙදිය හැකි නව පරපුරක් බිහිකිරීම සඳහා ලේඛකයා නිදහස් චින්තනය සඳහා ධෛර්‍යමත් කරමින්,
නැවත නැවතත් විචක්ෂණශීලී ව ප්‍රශ්න කළ හැකි සහ තර්කානුකූලව සිතිය හැකි පාඨක සමාජයක් බිහිකිරීම මූලික අරමුණු ලෙස ගනිමින් ශ්‍රී ලාංකික ජනතා ගමන් මග තීරණය කරන්නා වූ පෙර ගමන්කරුවන් වීමේ ඉලක්කය සහිතව මේ නිදහස් අවකාශය ඔබ වෙත පිරිනැමේ.

⋆ නිර්මාණ
ස්වනිර්මාණ සඳහා මූලිකත්වය ලබා දේ.
සියලු විෂයන් ආවරණය වෙන පරිදි ගද්‍ය හා පද්‍ය නිර්මාණ පළ කළ හැක.
පළ කිරීම් සඳහා අනුමැතිය අවශ්‍ය වේ.
හොඳම නිර්මාණ සමාන්තරව පවත්වාගෙන යනු ලබන බ්ලොග් පිටුවේත් FB පිටුවේත් පළ කරනු ඇත.
සමූහයේ ප්‍රතිපත්තිවලට අනුකූල වූ සියලු ස්වනිර්මාණ මෙහි පළ කරනු ඇත.
වෙනත් ස්ථානවල පළ වූ දෑ තම මතය සනාථ කිරීමේ මූලාශ්‍ර ලෙස ඉදිරිපත් කළ හැක.
වෙනත් ස්ථානවල පළවූ (Link) දෑ පෝස්ටුවක් ලෙස මෙහි පළ කළ නොහැක.
යම් අරමුණක් ඇතිව ප්‍රචාරය සඳහා නිර්මාණය කළ පෝස්ටර් මෙහි පළ කළ නොහැක.
සමූහයේ පළ කළ දෑ පිලිබඳ වගකීම එම පළකිරීම සිදුකළ සාමාජිකයාගේය. 

⋆ සමූහයේ වටිනාම සම්පත බුද්ධිමත් සාමාජිකත්වයයි.
සියලු සාමාජිකයින්ට සමාන අයිතිවාසිකම් හිමිය.
සමූහයේ ප්‍රතිපත්තිවලට ගරුකිරීමට බැඳී සිටියි. 

⋆ නායකත්වය ඇඩ්මින්වරුන් .... ගෙන් සෑදුම් ලත් මන්ඩලයකි.
තීරණාත්මක තීරණ ගනු ලබන්නේ නායකත්ව මන්ඩලයේ බහුතර කැමැත්තට අනුව ය.
සුවිශේෂි අවස්ථාවල සාමාජිකත්වයේ කැමැත්ත අනුව තීරණ ගනු ඇත.

⋆ පුද්ගලික අපහාස පිලිබඳ සම්මුතිය
යම් සාකච්ඡාවක් අතරතුර ප්‍රතිවාදියාගේ පුද්ගලිකත්වය ප්‍රශ්ණ කිරීම
අසම්මත හෝ අසභ්‍ය වචන භාවිතා කර ඇමතීම
පහත් කොට ඇමතීම
ප්‍රතිවාදියාගේ සුදුසුකම් අනවශ්‍ය ලෙස ප්‍රශ්න කිරීම අපහාසයක් ලෙස සැලකේ. 
එවැනි හැසිරීමක් ප්‍රතිවාදියා විවාදයෙන් එලියට ඇද දැමීමට ගන්නා උත්සාහයක් ලෙස සලකන අතර එය කතාකිරීමේ නිදහසට කරනු ලබන බාධාවක් ලෙස සමූහය සළකයි.
එබැවින් සාමාජිකයින් එල්ල කර සිදු කරනු ලබන සියලු ආකාරයේ අපහාස මෙම සමූහය තුල වරදක් ලෙස සැලකේ.
මෙවැනි අවස්ථාවකදී පුද්ගලික පනිවිඩයක් දීම හෝ අදාල පෝස්ටුවේ කමෙන්ටුවක ඇඩ්මින්වරයෙකු ටැග් කිරීම මගින් ඇඩ්මින්වරුන්ගේ අවධානය සඳහා යොමු කළ හැක.

The Voice ගෲප් එකේ ලින්ක් එක : https://www.facebook.com/groups/thevoicesrilanka/

The Voice පේජ්  එකේ ලින්ක් එක : http://thevoice-srilanka.blogspot.com/

The Voice වෙත ලියන්න : thevoicesrilanka@gmail.com

Comments

Popular posts from this blog

කර ගැට

මහින්දට ඡන්දය නො දිය යුත්තේ ඇයි..???

ආශ්චර්ය සහ ශ්‍රී ලාංකික ජනතාව