මහින්දට ඡන්දය නො දිය යුත්තේ ඇයි..???

දිගටම මහින්දට ඡන්දය නො දිය යුත්තේ ඇයි කියන එක කතා කරලා වැඩක් නෑ. දැනටත් බොහෝ දුරට හැදෙන ඡන්ද හැදිලා, කැඩෙන ඡන්ද කැඩිලා ඉවරයි. නමුත් මහින්දට තාමත් සහය දෙන පිරිස ගේ අවධානයට පහත කරුණු ලක් කරන් නම්.ලංකාවේ මහා පරිමාණ ව්‍යාපෘති ඉදන් ගමේ පාරට කාපට් දාන එක දක්වා අද සිද්ධ වෙන්නෙ විධිමත් ටෙන්ඩර් පටිපාටියකට නෙමී. චීන සමාගම්වල හිතුමතයේ ඒවා ලබා දීලා. මේ නිසා ඇතැම් අවස්ථාවල රුපියල් 10,000ට දාන්න පුළුවන් කොන්ක්‍රීට් මීටර් කියුබ් එක චීන සමාගම් දාන්නෙ 44,000 පමණ මුදලකට ඉතිරි 34,000 වෙන්නෙ මොකක්ද කියලා හිතා ගන්න එක ඔබට බාරයි. මේක මගේ පෞද්ගලික අත්දැකීමක්. සාමාන්‍යයෙන් මං තීරු දෙකකට පාරක් කිලෝමීටර් එකක් කාපට් කරන්න රුපියල් මිලියන 300ක් පමණ වැය වෙනවා. නමුත් පසුගිය කාලේ හදපු හා හදන්න ඉන්න අධිවේගී මාර්ග හා ඇතැම් සාමාන්‍ය මාර්ගවල වියදම හා ඇස්තමේන්තු මේ වගේ විසි තිස් ගුණයක් ඇතැම් අවස්ථාවල, එහෙම වෙන්නෙ ඇයි? මේ විනාශ වෙන්නෙ ඔබ අපි මහන්සියෙන් උපයන මුදලින් ගෙවන බදු මුදල් බව තාමත් මහින්දට කඩේ යන අතලොස්ස මතක් කර ගත්තොත් හොඳයි.
අද රටේ නීතියේ ආධිපත්‍ය ගිලිහිලා, නීතිය වල් වැදිලා, පිස්සු නටන ඇමතිලා, ඇමති පුතාලා, සභාපතිලාට ලැබුණු දඬුවම් මොනවද? දුමින්ද මාලකලා තාමත් එළියෙ ඉන්නෙ ඇයි? චන්දන කත්‍රිආරච්චි වගේ අයට ජනාධිපති සමාව ලැබුණේ කා ගෙ අනුහසින් ද? ශිරාණි බණ්ඩාරනායක ඉවත් කරලා තමන්ගෙ හිතවතුන් පත් කර ගත්තේ කවුද? ඒ මොකකට ද? නීතිය අතට අරන් තමන්ගෙ ගෝලයන්ට ජෝගි නටන්න ඉඩ දුන්නෙ කවුද කියන එක තාමත් මහින්දට කඩේ යන අතලොස්ස මතක් කර ගත්තොත් හොදයි.
17 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක නො කර ස්වාධීන කොමිෂන් සභා ඇති නො කර, ප්‍රජාත්‍රන්ත්‍රවාදයට මරැ පහරක් දෙමින් 18 සම්මත කර ගත්තෙ කවුද කියලා මහින්දට කඩේ යන අතලොස්ස මතක් කර ගත්තොත් හොදයි.
මේ බහුබූත ව්‍යවස්ථාව වෙනස් කරලා, තක්කඩි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා, ජනතාවාදී ව්‍යවස්ථාවක් හදන්න තමන්ට පාර්ලිමේන්තුවෙ 2/3 බලය තියෙද්දිත් ඒක නොකර තමන්ගෙ පෞද්ගලික පටු අරමුණු වෙනුවෙන් 18 වෙනි සංශෝධනය ගෙනාවෙ කවුද කියන එක තාමත් මහින්දට කඩේ යන අතලොස්ස මතක් කර ගත්තොත් හොදයි.උදේ හවා ජාත්‍යාන්තර කුමන්ත්‍රණ ගැන නන්දොඩවමින්, තිස් වසරක කුරිරැ යුද්ධය මතක් කර කර ජාතීන් අතර තව තවත් වෛරය වපුරමින් රට නැවතත් අස්ථාවර කරමින් පටු දේශපාලන වාසි ගන්නෙ කවුද කියන එක තාමත් මහින්දට කඩේ යන අතලොස්ස මතක් කර ගත්තොත් හොදයි.2005 දි 2010 දි මහින්දට සහය දීපු ප්‍රතිපත්තිගරැක දේශපාලනයක නිරතවුන හැමෝම අද මහින්දව දාලා ගිහින් ඉතුරැ වුණේ හොරැ, මංකොල්ලකාරයො, ස්ත්‍රී දූෂකයො, මිනීමරැමො ටික විතරයි. මහින්දගෙ පාලනය යටතේ වඩාත්ම අසරණ වුණේ 2005 දි 2010 ප්‍රතිපත්ති මත මහින්දට සහය දීපු පිරිසයි.
මහින්ද වෙනුවට රනිල් හරි සජිත් හරි පොන්සේකා හරි වගේ කෙනෙක් ඡන්ද ඉල්ලුවා නම් පොදුවේ හැමෝටම එකග වෙන්න බැරි නිසා මහින්ද කොහොමත් දිනනවා. නමුත් අද මහින්ද පරාජය කරන්න වගේම, ලංකාවෙ තිස් අවුරැදු යුද්ධය, දකුණේ භීෂණය ආදි බොහෝ ගැටළුවලට හේතුවුණ මේ බහුබූත ව්‍යවස්ථාවයි, විධායක ජනාධිපති ක්‍රමයයි වෙනස් කරන්න ස්වර්ණමය අවස්ථාවක් ලැබිලා තියෙනවා. හැමෝගෙන්ම ඉල්ලන්නෙ තමන්ගෙ පෞද්ගලික අරමුණ වෙනුවෙන් නොව රට වෙනුවෙන් ඔබේ වටිනා ඡන්දය භාවිතා කරන ලෙසයි.


Comments

  1. රට ගැන කතා කරපු ලිපියක්................... වැදගත්

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කර ගැට

ආශ්චර්ය සහ ශ්‍රී ලාංකික ජනතාව