දූෂණ හා අක්‍රමිතා විරෝධී ජනතා රැල්ලක්

මහා පරිමාණයෙන් සිදුවෙන දූෂණ හා අක්‍රමිතා විරෝධී ජනතා රැල්ලක් මෙරට ඇති වෙමින් පවතින්නේ ද?

ඔව්..!!!
මුහුණු පොතේ සමූහ 4ක පළ කළ සමාන විමසුම් සඳහා ලැබුනු ප්‍රථිඵල විශ්ලේෂණය කිරීමේ දී බුකිය පරිශීලනය කිරීමට හැකි සාක්ෂරතාවක් හිමි ජනතා ස්ථරය තුල දූෂණ සහ අක්‍රමිතා විරෝධී රැල්ලක් ඇති වෙමින් පවතින බව පැහැදිලිවම නිරීක්ෂණය කළ හැක.

සමූහ 4
1. The Voice - breaking the silence 
2. Ballot Box (ඔබේ මතයට ඉඩක්)
3. තුලාව (Justice) 
4. Polls - ඡන්ද විමසීම්

----------------------------------------------------------------------------------------------
විමසීම නැවත මෙහි සඳහන් කරන්නම්...
1. වර්ථමාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු අතරින්
2. ජනතාවාදී දේශපාලනයක නියුතු වූ,
3. මහත්වරුන්ගේ දේශපාලනයක් කළ,
4. ඊ ලඟ පාර්ලි. මැතිවරණයට ඉදිරිපත්විය යුතු යැයි ඔබ සිතන,
5. ඊ ලඟ පාර්ලිමේන්තුවේ අනිවාර්යයෙන් සිටිය යුතු යැයි ඔබ සිතන,
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුවක් හදමු.
දේශපාලනයේ දක්ෂයෙක් නමුත් දූෂීත නම් හා
දූෂීතයෙකු නොවුනත් අදක්ෂයෙකුනම් නම දැමීමෙන් වලකින්න.
--------------------------------------------------------------------------------------------

අනුර කුමාර දිසානායක මහතා සමූහ 3කදී ප්‍රථම ස්ථානය හිමි කර ගෙන එක් සමූහයකදී දෙවන ස්ථානය හිමි කරගෙන තිබේ. සමස්ථයේ ප්‍රථමයාය.
මෙයින් පාඨලී චම්පක රනවක මහතා සමූහ 3ක දී දෙවන ස්ථානය හිමි කරගෙන තිබේ. පෝල්ස් සමූහයේ ඔහුට පළමු ස්ථානය හිමි වී තිබේ. ඔහුට සමස්ථයේ දෙවන ස්ථානය හිමි වී තිබේ.
රනිල් වික්‍රමසිංහ මහතා සමස්ථයේ 3වන ස්ථානය හිමි කරගෙන තිබේ.
*****************************************************************************
නිරීක්ෂණ සහ නිගමන
*දූෂණ විරෝධී මතයක් ප්‍රභලව සමාජගත කළ පා. මන්ත්‍රීවරුන් සමාජය තුල ජනප්‍රියතාවයේ හිනිපෙත්තේ ඉහලටම පැමිණ තිබේ.
* විමසුමේ ඉහලම කැමැත්ත දිනූ පා. මන්ත්‍රීවරුන් හට චන්දය දී තිබෙන්නේ අදාල පක්ෂවල හිතවතුන් පමණක් නොවේ. චන්දය දුන් බහුතරයක් පක්ෂබේදය හෝ තම පාක්ෂිකත්වය අමතක කර මන්ත්‍රීවරුන් අතරින් නියම සුදුස්සන් තෝරා තිබේ.
* විමසුම්වල චන්ද 5ක් වත් අවම ගත හැකි වූ මන්ත්‍රීවරුන් 20ක් සමුහ 4 දීම වාර්ථා වූයේ නැත.
* නිදහස් සන්ධානයේ ඇමතිවරු කිසිවෙකුට ලැයිස්තුවේ ඉහලට පැමිණීමේ වාසනාවක් උදා වූයේ නැත.
* නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ නම් මෙම  ලැයිස්තුවලට පැමිණියත් ඉතා සුළු චන්ද ප්‍රමාණයක් (>5) පමණක් හිමිවී තිබේ.
* එජාපයේ ජේෂ්ඨයින් සමාජයෙන් ප්‍රතික්ෂේප වෙද්දී තරුණ මන්ත්‍රීවරුන් හට සමාජයේ පිලි ගැනීමක් තිබෙන බව සනාථ වී තිබේ.
* ජවිපෙ මන්ත්‍රීවරුන් පිලිබඳ සමාජයේ පැහැදීමක් තිබෙන බව පැහැදිලි විය.
* පාඨලීගේ දූෂණ විරෝධී හඬ, සිංහල ජාතිකවාදී හඬට වඩා ප්‍රභලව සමාජය ග්‍රහනය කර ගෙන තිබේ.
* පා. මන්ත්‍රීවරුන් 225කි. ඒ අතරින් විමසුමේ නම් අතරට පැමීණීමට හැකි වූයේ මන්ත්‍රීවරුන් 20කට අඩු දෙනෙකුටය.
* පා. මන්ත්‍රීන් 200කටත් වැඩි දෙනාට උගත් සමාජය තුල තැනක් හිමි කර ගැනීමට නොහැකිව තිබේ, හෝ තැන අහිමි කර ගෙන තිබේ.

*. වර්ථමාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අති බහුතරය පිලිබඳ සමාජයේ විස්වාසය බරපතල ලෙස පිරිහී තිබේ.
* ආන්ඩු පක්ෂය පිලිබඳ විස්වාසයක් ඇත්තේම නැත.
* විධායකයේ ජනාධිපතිවරයා හා සමාන වැදගත් අංගයක් වූ ඇමති මන්ඩලය පිළිබඳ සමාජයේ බිඳකුදු විස්වාසයක් නැත.
* එජාපයේ ජේෂ්ඨයින් පිළිබඳ සමාජයේ විස්වාසයක් නැත.
* දූෂණ සහ අක්‍රමිතා හෙළිකළ මන්ත්‍රීවරුන් සමාජයේ ඉහලම ආදරය දිනා ඇත.
* ඉහත නිගමනය අනුව සමාජයේ දූෂණ හෝ අක්‍රමිතා විරෝධය සඳහා සමාජයේ තැනක් හිමි වී ඇත.
* සමස්ථයක් ලෙස බැලීමේ දී ආන්ඩුවේ ජනප්‍රියතාවය බරපතල ලෙස පිරිහී ඇත. ජනතාව විකල්ප සොයති.
* දැනුවත් සමාජය තුලදී වර්ථමාන ආන්ඩුවට කිසිවක් ඉතිරි නොවන බව ද මෙයින් පැහැදිලි වේ. (ඉදිරි චන්දයේදී ජනතාවට දැනුවත් බව ලබා දීම විපක්ෂයේ යුතුකමයි)
* ජාතික ආන්ඩුවකට පත් කිරීමේ දී ජනතා විස්වාසය දිනා ගත් මන්ත්‍රීවරුන්ට වැඩි වගකීම් පැවරිය යුතු වේ.

Comments

Popular posts from this blog

කර ගැට

මහින්දට ඡන්දය නො දිය යුත්තේ ඇයි..???

ජනාධිපතිතුමා තිරුපති කෝවිලට ගියේ රනිල් දුන්නු ලණුවක් කාලා!