ජනාධිපතිතුමා තිරුපති කෝවිලට ගියේ රනිල් දුන්නු ලණුවක් කාලා!

රනිල් වික්‍රමසිංහ මහත්තයගේ ආණ්ඩුව චන්ද්‍රිකා මැතිණිය තම ජනාධිපති බලතල පාවිච්චි කරලා පෙරලපු වෙලාවේ ඔහුගේ ළඟම හිතවත් පාක්ෂිකයෙක් ලං වෙලා පොඩි රහසක් කිව්වා. " සර් මීට පස්සේ තරග කරන්න කලින් තිරුපති කෝවිලට ගිහින් පූජාවක් කරලා තමන්ගේ ප්‍රාර්ථනාව කරන්න. ඒක හරියට ම හරි යනවා. එතන හරි අනුහස් තියෙන තැනක්. " ඉතින් ඊට පස්සේ හැම ඡන්දෙටම කලින් රනිල් තිරුපති කෝවිලට ගිහින් ඔය පූජාව කරලා එනවා. ඒත් ඒ හැම සැරේම පරදිනවා. මේ ළඟදී පාර්ලිමේන්තුවේ දී මහින්දට හදිසියේ රනිල්ව තනියම මුණ ගැහෙනවා. මහින්දට හිතෙනවා රනිල්ව පොඩ්ඩක් කොනිත්තලා බලන්න විහිළුවක් කරලා. ඒ එතුමා ගේ හැටි." රනිල් ඔයා හැම ඡන්දෙටම කලින් තිරුපති කෝවිලට ගිහින් බාර වෙනවා. ඒත් හැමදාම පරාදයි නේ. මොකෝ දෙවියෝ ඔයා දිහා බලන්නේ නැද්ද?" ඒ පාර රනිල් මහින්දට හොඳටම ලං වෙලා රහසින් මෙහෙම කියනවා,"මම කාටත් නොකියපු රහසක් ඔබතුමාට කියන්නම්. හැබැයි වෙන කාටවත් කියන්නේ නැහැ කියලා පොරොන්දු වෙනවා නම් විතරක්" දැන් මහින්දට රහස දැන ගන්න ඉස්පාසුවක් නැහැ "මම මොකටද කාටවත් කියන්නේ. මම පොරොන්දු වෙනවා ඉක්මණට කියපන් වෙන කවුරුත් එන්න කලින්" ඒ පාර රනිල් මහින්දගේ කනට ලං වෙලා මෙහෙම කියනවා," මම තිරුපති කෝවිලේ දී හැමදාම ප්‍රාර්ථනා කළේ මේ පාරත් මගේ විපක්ෂ නායක කම රැක දෙන්න කියලා"  

Sachin@The Voice

Comments

Popular posts from this blog

කර ගැට

මහින්දට ඡන්දය නො දිය යුත්තේ ඇයි..???

ආශ්චර්ය සහ ශ්‍රී ලාංකික ජනතාව