ආශ්චර්ය සහ ශ්‍රී ලාංකික ජනතාව

සංවේදී නායකයාගේ අනුගාමික ප්‍රජාවට බුකියේදී විලි ලැජ්ජාව, සදාචාරය මුලික තර්කන හැකියාවත් අහිමි වීමක් සිදු ඇති බවක් පෙනෙන්නේ නැද්ද? සන්ධාන රජයට සහය පල කරන ප්‍රධාන කණ්ඩායම් කිහිපයක් පැහැදිලිව හඳුනා ගත හැක.ඉතා ම අඩු ආදායම් ලබන, කරුමය සියල්ලට ම හේතු භූත වන බව සිතා ගෙන උපන් ගෙයි ම කාලකන්නි වන, කියවීමකින් තොර ජන පිරිස.පහළ ආදායම් ලබන, කඩේ පිලේ රස්තියාදු ගසන, ගමෙන් එහා ලෝකයක් නැතැයි සිතන,දැඩි ලෙස රටට ගමට කෑදර, කුහක පිරිස.පහළ මධ්‍යම පාන්තික, උසස් මධ්‍යම පංතියට ඇතුළු වීමට කෙසේ හෝ දේශපාලනයෙන් බඩ වඩා ගෙන,වාසි ලබාගෙන, දරුවන්ට රැකියා ලබාගෙන හෝ වෙන යම් වාසියක් ලබාගෙන රටට හෙන ගැහුනත් තමා දියුණු විය යුතුයි සිතන පිරිස.ඉහල මධ්‍යම පාන්තික, කෙසේ හෝ ධනවත් පන්තියට ඇතුළු වීමට වෙර දරන, ඒ වෙනුවෙන් දුරාචාරයේ යෙදෙන, පණික්කි වැඩ කරන පිරිස.ධනවත්, කළු සල්ලි මෙහෙයවන, රජයේ ව්‍යාපෘති වලින් අයුතු මුදල් සොයන, නීති විරෝධී ව්‍යාපාර කටයුතු කරන විට එයට ආරක්ෂාව ලැබීමට දේශපාලනයේ ආරක්ෂාව පතන පිරිස.මේ සියල්ලන්ට ම අමතරව තවත් කොටසක් සිටෝ. ඔවුන් නම්,පොතක් පත්තරයක් නො කියවන, දේශපාලන පක්ෂය යනු අප්පාගේ බූදලයක් ලෙස සලකා මැරෙන තෙක් ඒ මත්තෙම නැහි බුද්ධියෙන් තොර ව මොන ලෝකයක ජිවත් වෙන, ගමේ එකා අපට සැපයි, අපේ ගොනා අපට හොඳා වැනි මෝඩ චුන් මානසිකත්වයෙන් ඔලුව පුරවා ගෙන සිටින ජනතාවයි.මුලිකවම ගත හොත් සන්ධාන රජයට කැමැත්ත පළ කරන්නේ අඩු ආදායම්ලාභී ජනතාව සහ ධනවත් ජනතාවයි. එය සම්පුර්ණයෙන් ම සත්‍ය නො වුනත් 80% පමණ එය සාධාරණීකරණය වේ. මෙසේ වන්නේ ඇයි. මෙයට හේතුව නම් ආණ්ඩුවේ දෙබිඩි පිළිවෙතයි. දුප්පතා රවටන්නේ ජාති ආලය, දේශ ආලය, විදේශීය කුමන්ත්‍රණ, රට බේරා ගනිමු, විදුලි පුටුව, විදේශීය කුමන්ත්‍රණ, NGO, බොරු සෝබන වැඩ වැනි මාතෘකා හරහා ය. ඔවුන්ට මේවා අබිං ය. මේවා ගැන වැඩිදුර සෙවීමට ද ඔවුන්ට අවශ්‍යතාවක් හෝ උවමනාවක් නැත්තේ ය. ඔවුන්ගේ ලෝකය සිමා වන්නේ යම් පරාසයක් තුල බව දන්නා පාලකයන් ඒ සීමාව තුල ඔවුන්ට විෂබීජ සැපයීමට දක්ෂ ය. අරමුණක්, ඉලක්කයක් හරියට නොමැති ඔවුන්ට ජීවිතය පවත්වා ගෙන යාමට ආධාර වන්නේ ඉහත කි මාතෘකා අන්ධානුකරණයක් පමණි.ඊ ලඟ කොටස නම් ධනවත් පන්තියයි. රජය ඔවුන්ට ද විශාල අවස්ථා ලබා දෙයි. විශාල ව්‍යාපාරිකයන්ට අනිසි වාසි හිමි වන්නේ එකී ගණ දෙනු හරහා ය. පවතින ක්‍රමය ඔවුන්ට චුන් ය. මෙගා ඩිල් වලින් අත පල්ලෙන් හැලෙන කොටසක් ඔවුන්ට ද හිමි වෙන එක නැති වෙන එකට ඔවුන් කොහොමත් කැමති නැත. සන්ධාන රජයෙන් මරු පහර වැදුණේ මධ්‍යම පාන්තිකයාට ය. මධ්‍යම පන්තියක් නැති රටක් පාලනය ඉතා ම පහසු බව ඔවුන් දැනී. සෑම විටම රටේ දේශපාලන ගමන් මග වෙනස් වන්නේ මධ්‍යම පන්තිය හරහා වන බව නොරහසකි. මධ්‍යම පන්තියට කෙලවා දුප්පතා පොහොසතා ලෙස අන්ත දෙකක් තබා ගැනීම දූෂිත පාලකයාට සැපය. මේ ගමන යන්නේ ඒ ඉලක්කයට බව හොඳාකාරව පැහැදිලි ය. දුප්පතා හූරා කන ගමන් ඔවුන් ආගම, ජාතිය, ලස්සන වැනි හීන තුල නිදි කරන අතර අත පල්ලෙන් වැටෙන දේ ලබාගෙන එහෙයි කියන ධනපති පන්තියක් තමාගේ පිටුපස තබා ගෙන යන ගමනට සුබ පතමු. මරි මෝඩ ජනතාවක් සිටින රටක ට කිව හැක්කේ අබ අසරණයි කියා පමණි.

Comments

  1. //මරි මෝඩ ජනතාවක් සිටින රටක ට කිව හැක්කේ අබ අසරණයි කියා පමණි.//

    රටක ගමන සිද්ධ වෙන්නේ ඒ රටේ ජනතාවගේ හැටියටලු...........

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කර ගැට

මහින්දට ඡන්දය නො දිය යුත්තේ ඇයි..???