Posts

Showing posts from 2015

කර ගැට

Image
මලේ කර ගැට ගණින්නේ නුඹ පැලේ කරවල වාඩියේ රෑට නින්දෙන් සිනා වෙන්නේ අම්ම දැකල ද හීනයේ කහට උගුරයි හකුරු බෑයයි ගිනි නිවනවා ද ඔය කුසේ ජීවිතේ රළ පෙළට අසු වී කවුළු වැසීනි ද පාසලේ මුහුදු හුළඟට සැලෙන්නේ රැලි කරපු පවටද පූරුවේ සිනා ගේනා පොකුරු මින් රැල මවනවා ද දෙව්ලොව හිතේ පිලී පුසුඹට මැස්සෝ එනවා ද වහන්නට නුඹේ ජීවිතේ හදේ වියවුල් තුනී වෙනවා ද පොල් මලේ සුවඳට මීවිතේ Gayan Rasanga@The Voice



මරණය සිරසේ හනගසා
ඉපදෙන සියල්ලන්
ඔහෑ ඔහෑ හඬන්නේ
ජීවිතයේ අරුත දුක මැයි
මවගේ තන පුඩුවේ ගැටුණු කල්හි
හඬන මුව
නගන කිරි සිනා
කුමක් කියන්නේ ද
බලනු ලයට අත තබා
ලබ් ඩබ් ලබ් ඩබ්
නදින් ගැහෙන්නේ මනුසත් කම නොවේ ද
හද පවසන්නේ
කුහක ඉනි වැට පරයා
මනුසත් ගඟ ගලන බව නොවේ ද
ඒ ගලන මනුසත් කමින්
ලොවක් අස්වද්දන්නට
දයාවෙ රන් ගොයම්
පූදින්නට.....
පියනගමු
එකාවන්ව !

Gayan Rasanga @The Voice
හිතවත් මෛත්‍රී.., ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.
දින 100යේ වැඩ සටහන එක දිනක් වත් වෙනස් නො කර ක්‍රියාත්මක කරන්න.පොරොන්දු වූ ජනතා සහන 99%ක්වත් ප්‍රමාද නො කර ලබා දෙන්න.ජාතික රජයේ අමාත්‍ය ධුර මහජන විශ්වාසය තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට පමණක් ලබා දෙන්න.ඥාති සංග්‍රහය සම්පූර්ණයෙන් පිටු දකින්න. රාජ්‍ය පාලනයට සහෝදරයින්ගේ සහාය අවශ්‍ය ම නැත.නාස්තිකාර වියදම් සියල්ල නවතා දමන්න. මහජන නියෝජිතයින්ගේ නාස්තිකාර වියදම් දැඩිව පාලනය කරන්න.චූදිත දූෂිත ගනුදෙනු පිළිබඳ වහා ක්‍රියාත්මක වෙන්න. චූදිතයින්ට එරෙහිව විනිවිද භාවයකින් යුතු ව නීතිය ක්‍රියාත්මක කරන්න.පුද්ගලික මට්ටමේ පලි ගැනීම්වලට ඉඩක් නො දිය යුතු ය.මානව හිමිකම් සුරකින්න. ඔබව පත් කළ ජනතාවට සවන් දෙන්න.ජනමාධ්‍ය ඔබගේ පාවිච්චියට යොදා නො ගන්න. ජනමාධ්‍ය ජනතාවගේ හඬ උදෙසා ය.මාතෘ භූමිය පණ සේ සුරකින්න.මේ ඔබ විසින් ජනතාවට ලබා දුන් ප්‍රතිඥා ය. මේවා ඉටු කිරීමට අසමත් වන්නේ නම් ඔබව රාජ්‍ය නායක තනතුරෙන් ප්‍රජාතන්ත්‍රවාදී ව එළවා දමා වඩා ජනතාවාදී පාලකයෙක් සොයා ගැනීමට ජනතාව වෙත මග පෙන්වමු.ඒ සඳහා අපට ශක්තිය හා ධෛර්‍ය අවශ්‍ය ප්‍රමාණයටත් වඩා තිබේ.